හිටපු බන්ධනාගාර අධිකාරිගේ ඝාතකයින් පැමිණි යතුරුපැදි 02ක් හමුවේ – මහේස්ත්‍රාත් පරීක්ෂණයත් රාත්‍රියේම

ගාල්ල – අක්මීමන ඉහළගොඩ, තලගහ ප්‍රදේශයේ දී වෙඩි තබා හිටපු බන්ධනාගාර අධිකාරවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදි දෙක සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව අපරාධකරුවන් පැළඳසිටි බවට සැකකෙරෙන හෙල්මට් තුනක් ද සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

ගාල්ල, යක්කලමුල්ල පොලිස් බල ප්‍රදේශයේ කටුපොල් වත්තක දමාගොස් තිබිය දී ඊයේ (13) රාත්‍රී කාලයේ මෙම යතුරුපැදි දෙක සහ හෙල්මට් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

යක්කලමුල්ල සහ වදුරඹ යන පොලිස් ස්ථාන එක්ව පොලිස් නිල සුනඛයින්ගේ සහාය ද ඇතිව සිදුකළ මෙහෙයුමක දී මේවා සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර හිටපු බන්ධනාගාර අධිකාරවරයාට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ස්ථානීය පරීක්ෂණය ඊයේ (14) රාත්‍රියේ සිදුකර තිබෙනවා.

ගාල්ල මහේස්ත්‍රාත්වරිය විසින් මෙම පරීක්ෂාව සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24