දලයි ලාමාගේ අනුප්‍රාප්තිකයා ගැන අනාවරණයක්

දලයි ලාමාගේ අනුප්‍රාප්තිකයා චීනයෙන් පිටත උපත ලබනු ඇති බව ටිබෙට් බුද්ධාගමේ අධ්‍යාත්මික නායකයා සිය නවතම කෘතියේ සඳහන් කර තිබෙනවා.

89 හැවිරිදි වියේ පසු වූ දලයි ලාමාගේ අභාවයෙන් පසු දලයි ලාමාගේ ආයතනය දිගටම පවත්වාගෙන යාමට ලොව පුරා සිටින ටිබෙට් ජාතිකයින්ට අවශ්‍ය බව ඔහු විසින් ලියන ලද Voice for the Voiceless හි සඳහන් කර ඇතැයි රොයිටර්ස් වාර්තා කරනවා.

අධ්‍යාත්මික නායකයින්ගේ පෙළගැස්ම ඔහුගෙන් අවසන් විය හැකි බව ඔහු මීට පෙර පවසා තිබුණා.

ඔහුගේ අනුප්‍රාප්තිකයා චීනයෙන් පිටත යැයි ඔහු විස්තර කරන “නිදහස් ලෝකයේ” උපත ලබන බව දලයි ලාමා විසින් ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙයයි

ඔහු මීට පෙර පවසා ඇත්තේ ටිබෙටයෙන් පිටත, සමහර විට ඔහු පිටුවහල්ව ජීවත් වන ඉන්දියාවේ නැවත ඉපදිය හැකි බව පමණි.

මාඕ සේතුංගේ කොමියුනිස්ට්වාදීන්ගේ පාලනයට එරෙහිව අසාර්ථක කැරැල්ලකින් පසු 1959 දී 14 වැනි දලයි ලාමා ටෙන්සින් ග්‍යාත්සෝ, 1959 දී තවත් දහස් ගණන් ටිබෙට් ජාතිකයන් සමඟ ඉන්දියාවට පලා ගියා.

ටිබෙට් අරමුණ සජීවීව තබාගැනීම වෙනුවෙන් 1989 වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනාගත් දලයි ලාමාව චීනය හඳුන්වනු ලබන්නේ “බෙදුම්වාදියෙකු” ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32