අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිදුවීමට අදාළ සැකකරු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.
මෙම අපරාධය සිදු කළ සැකකරු හමුදාවෙන් පලා ගිය අයෙකු බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
UPDATE: 2.36PM – 2025/03/11
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත් අඩංගුවට ගන්නා ලෙස බල කරමින් එම රෝහල් කාර්‍යය මණ්ඩලය සිය රාජකාරී කටයුතුවලින් ඉවත් ව තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (11) පෙරවරුවේ සිට බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කිරීම් පවා මේ තත්ත්වය මත නතර කර ඇති බවටයි.
ඊයේ (10) රාත්‍රී 6.30ත් 07ත් අතර කාලයේ දී ලිංගික හිංසනයට ලක් වූ 32 හැවිරිදි වෛද්‍යවරිය සිය සේවා කටයුතු අවසන් වී රජයෙන් ඔවුන්ට ලබා දී තිබෙන නේවාසිකාගාරය වෙත ගොස් තිබෙනවා.
එහිදී නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා මරණ බවට තර්ජනය කරමින් වෛද්‍යවරිය ව ලිංගික හිංසනයට ලක් කර පලා ගොස් ඇති බවයි පැවසෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.