UPDATE:වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිදුවීමේ සැකකරු ඇල්ලීමට පොලිස් කණ්ඩායම් 05ක් – වර්ජනයකුත් ඇරඹෙයි (වීඩියෝ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිදුවීමට අදාළ සැකකරු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

මෙම අපරාධය සිදු කළ සැකකරු හමුදාවෙන් පලා ගිය අයෙකු බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

UPDATE: 2.36PM – 2025/03/11

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත් අඩංගුවට ගන්නා ලෙස බල කරමින් එම රෝහල් කාර්‍යය මණ්ඩලය සිය රාජකාරී කටයුතුවලින් ඉවත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (11) පෙරවරුවේ සිට බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කිරීම් පවා මේ තත්ත්වය මත නතර කර ඇති බවටයි.

ඊයේ (10) රාත්‍රී 6.30ත් 07ත් අතර කාලයේ දී ලිංගික හිංසනයට ලක් වූ 32 හැවිරිදි වෛද්‍යවරිය සිය සේවා කටයුතු අවසන් වී රජයෙන් ඔවුන්ට ලබා දී තිබෙන නේවාසිකාගාරය වෙත ගොස් තිබෙනවා.

එහිදී නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා මරණ බවට තර්ජනය කරමින් වෛද්‍යවරිය ව ලිංගික හිංසනයට ලක් කර පලා ගොස් ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

  1. GOMA එකෙක්මද දන්නෙ නෑ.සල්ලි වලට කෑදර කමට එතුමියගෙන් සල්ලි ඉල්ලුවද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12