සාපරාධී මූල්‍ය පරිහරණයකට චෝදනා ලැබූ චානුක රත්වත්තේගේ ඉල්ලීමක් ඉවතට

නැගෙනහිර හේවාගම කෝරළ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින චානුක රත්වත්තේ මහතා විදේශගත වීමට අවසර දෙන ලෙස කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික ගැනුම්කරුවකු වශයෙන් පෙනී සිට භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන බව පවසා චානුක රත්වත්තේ විසින් අදාළ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට පසුගියදා චෝදනා ගොනු වී තිබෙන බවයි.

සිය නීතීඥවරු මාර්ගයෙන් අද (10) මෝසමක් ඉදිරිපත් කරමින් චානුක රත්වත්තේ මහතා අධිකරණයට දන්වා සිටියේ මැයි මස 08 වනදා ඩුබායි හි දී පැවැත්වීමට නියමිත ව්‍යාපාරික හමුවකට සහභාගි වීමට තමන්ට අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා අධිකරණය මගින් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසයි.

එහිදී විත්තිකරු විදේශගත වීම සඳහා ඉදිරිපත් කරන කරුණුවල පරස්පරතාවයන් දක්නට තිබෙන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරිය ඔහු විදේශගත වන දිනය ඊට අදාළව දක්වා ඇති තොරතුරු පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව පැවසුවා.

ඒ අනුව විත්තිකරුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවත් රජයේ නීතිඥවරිය මෙහිදි පැවසුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකරුගේ විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42