Empty Ad
AFC Banner
Empty Ad

කොළඹින් පැටවූ අපිරිසිදු පොල්තෙල් තොගයක් පොළොන්නරුවේ බාන්න කලින් අල්ලයි (ඡායාරූප)

භාවිතයට නුසුදුසු පොල්තෙල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටිය දී සැකරුවන් දෙදෙනෙක් ලොරි රථයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

හමුදා බුද්ධි තොරතුරකට අනුව කොළඹ සිට පොළොන්නරුවට ප්‍රවාහනය කරමින් තිබූ මෙම අපිරිසිදු පොල්තෙල් පැටවූ ලොරි රථය මින්නේරිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ලොරි රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී අපිරිසිදු පොල්තෙල් පිරවූ බැරල් 35ක් සහ නාඩු සහල් කුඩු තොගයක් ද හමුව ඇති බවයි වාර්තා වුණේ.

පසුව කළ විමර්ශනවල දී අදාළ අපිරිසිදු පොල්තෙල් සහ හාල් කුඩු රැගෙන ගිය පොළොන්නරුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවේ කළමණාකරු පවසා ඇත්තේ සත්ව ආහාර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඔයිල් වර්ග සකස් කිරීමට මෙම සහල් කුඩු රැගෙන ආ බවයි.

එමෙන්ම මෙම අපිරිසිදු පොල්තෙල් පිරිසිදු කර සත්ව ආහාර නිෂ්පානය සඳහා නිකුත් කරන බව ද ඔහු පවසා තිබෙනවා.

පොළොන්නරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ ස්ථානයට කැඳවා එහි සාම්පල් ලබාගෙන රජයේ රස පරීක්ෂකට යැවීමට කටයුතු කර ඇති අතර, කර්මාන්තශාලාවේ කළමණාකරු ද අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් කළමණාකරු ඇතුළු තිදෙනා අද (10) දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Image 2025 03 10 at 11.53.46 AM 1
WhatsApp Image 2025 03 10 at 11.53.46 AM
WhatsApp Image 2025 03 10 at 11.53.45 AM 1
WhatsApp Image 2025 03 10 at 11.53.45 AM
WhatsApp Image 2025 03 10 at 11.53.44 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?