Empty Ad
AFC Banner
Empty Ad

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

පසුගිය පෙබරවාරි 18 වනදා මිද්දෙණිය පොලිස් වසමේ දී වෙඩි තබා ත්‍රිත්ව ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවෙකු මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අපරාධය සඳහා ආධාර අනුබලදීමේ චෝදනාවයටතේ කුට්ටිගල පොලිස් වසමේ පදලංගල ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගත බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන කුට්ටිගල, පදලංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‍.

ඒ, අනුව මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් 11 දෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිද්දෙණිය පොලිසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

පෙබරවාරි 18 වනදා රාත්‍රියේ සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ නැමැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනයට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?