146 වන නිල් මහා සටනේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති 146 වන නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය ජයගැනීමට ශාන්ත තෝමස් විද්‍යාලයට අද (08) හැකියාව ලැබුණා.

රාජකීය විද්‍යාලය පරාජය කරමින් තෝමස් ක්‍රීඩකයින් මෙම තරගය ජය ගත්තේ කඩුලු 05කින්.

තෙදින තරගයක් ලෙස කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජකීය කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 07ක් දැවී ලකුණු 319ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත තෝමස් ක්‍රීඩකයින් සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 302ක්.

ශාන්ත තෝමස් පළමු ඉනිමට වඩා ලකුණු 17ක් ඉදිරියේ සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළ රාජකීය කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 215ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය සඳහා ශාන්ත තෝමස් කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 233ක්.

එම ඉලක්කය හඹා ගිය ශාන්ත තෝමස් කණ්ඩායම කඩුලු පහක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් මෙම තරගය ජයගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
9
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මර්වින් සිල්වා දේශපාලනයට සමු දෙන්නද යන්නේ ? දුටුගැමුණු මහරජු ගිය ගමන මම යනවා
03:56
Video thumbnail
ආදරෙයි මා.. ආදරෙයි..
02:22
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58
Video thumbnail
දයාසිරි ශ්‍රීලනිපයේ කරන්න යන වැඩේ - දැඩි තීන්දුවක් ගනී
11:22
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46


?