මුහුණේ කෙස් වවාගෙන ගිනිස් පොතට ගිය ලලිත්

මිනිසෙකුගේ මුහුණේ වැඩිම හිසකෙස් ප්‍රමාණයක් වැවී ඇති පුද්ගලයා ලෙස ඉන්දීය ජාතික තරුණයෙක් ගිනස් වාර්තා අතරට එක්ව තිබෙනවා.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පදිංචි ලලිත් පටිදාර් නැමැති 18 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් මෙම ගිනස් වාර්තාව තබා ඇති බවයි වාර්තා වන්නේ.

වර්වුල්ෆ් සින්ඩ්‍රෝමය ලෙස හැඳින්වෙන මෙය හයිපර්ට්‍රයිකෝසිස් නම් දුර්ලභ රෝගී තත්ත්වයක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

හයිපර්ට්‍රයිකෝසිස් නම් මෙම දුර්ලභ තත්ත්වයෙන් පෙළෙන ලේඛනගත රෝගීන් 50ක් ලෝකයෙන් හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ගිනස් ලෝක වාර්තාවට අනුව, පටිදාර්ගේ මුහුණෙන් 95% ක් හිසකෙස්වලින් ආවරණය වී තිබෙනවා.

මෙම පෙනුම හේතුවෙන් බොහෝ විට ආගන්තුකයන්ගෙන් සහ මිතුරන්ගෙන් තමන්ට එතරම් යහපත් ප්‍රතිචාර එල්ල නොවූ බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත්, ලලිත් ඔහුගේ අද්විතීය අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම වැළඳ ගන්නා බැවින් ඔහු තම එදිනෙදා ජීවිතය ලේඛනගත කරන යූ ටියුබ් නාලිකාවක් ද පවත්වාගෙන යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?