ඉන්දීය කොරෝනා ප්‍රභේදය ගැන ලොවටම අනතුරු ඇඟවීමක් – ප්‍රවේශම් වන්න

ඉන්දියාවෙන් පළමුව හඳුනාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් සමස්ත ලෝකයම දැඩි අවධානය යොමු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඒ අනුව බී 1617 කොරෝනා වෛරස් ප්‍රභේදය ගෝලීය අවදානම් සහිත ප්‍රභේදයක් ලෙස නම් කර තිබෙනවා.

මීට පෙර බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලයෙන් සොයා ගැනුණු කොරෝනා වෛරස් ප්‍රභේද වැඩි ප්‍රචාරණයක් සහිත කොරෝනා ප්‍රභේද ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික ප්‍රධානී මරියා වෑන් කර්කොව් ඊයේ ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

ඉන්දීය ප්‍රභේදය මගින් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යන බවට තොරතුරු රැසක් ලැබී ඇති බවයි.

එමෙන්ම, එය මේ වනවිට ලොව රටවල් රැසකට පැතිරී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික ප්‍රධානී මරියා කර්කොව් සඳහන් කළා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ බවට සැලකෙන මළ සිරුරු 40 කට වැඩි සංඛ්‍යාවක් බිහාරයේ ගංඟා නදී ඉවුරේ ගොඩගසා තිබී සොයා ගැනුණා.

තවත් මළ සිරුරු එහි පාවෙමින් පවතින අතර, ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ මළ සිරුරු සියයකට අධික සංඛ්‍යාවක් එලෙස නිරීක්ෂණය කර ඇති බවයි.

මෙම මළ සිරුරු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ගංඟා නදියට දමා ඇති බව සඳහන්.

කොරෛා්නා මළ සිරුරු ආදාහනය කිරීම සඳහා මුදල් නොමැති ඉන්දියානුවන් එම විකල්පය තෝරාගෙන ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. එක් මළ සිරුරක් ගිලන් රථයකට පැටවීම සඳහා පමණක් රුපියල් දෙදහසක් පමණ අය කිරීම ඊට හේතුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01