Empty Ad
AFC Banner
Empty Ad

කල් ඉකුත් වූ ලයිසන් එක්ක අල්ලපු ව්‍යාජ අංක තහඩු යෙදූ වාහනය

ඊයේ (05) දහවල් කාලයේ දංඕවිට පොලිස් වසමේ නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දංඕවිට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ක්ෂණික මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීමේ දී නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කාර් රථයක් නවතා පරීක්ෂා කර තිබෙනවා.

එහිදී එම කාර් රථයේ ලියාපදිංචි අංක තහඩුව ව්‍යාජ ලෙස සකස් කර ඇති බවත්, ආදායම් බලපත්‍රය හා රක්ෂණ සහතිකය ව්‍යාජ බවත්, රියදුරාගේ රියදුරු බලපත්‍රයේ වලංගු කාලසීමාව අවලංගු වී ඇති බවටත් තහවුරු වීමෙන් පසු අදාළ කාර් රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?