මග නැගුමෙන් මුදල් ගසා කෑ හිටපු නිලධාරීන් දෙදෙනකු ශරීර ඇප මත මුදා හැරේ

මඟ නැගුම ව්‍යාපෘතියේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මග නැගුම සමාගමේ හිටපු නිලධාරීන් දෙදෙනා මිලියනය බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (03) නියෝග කළා.

මග නැගුම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අබේසිංහ අධිකාරී හා අතිරේක සාමාන්‍යාධිකාරි මුදල් අනගිපුරගේ මයිකල් නමැති සැකකරුවන් දෙදෙනෙකු එසේ ඇප මත මුදා හැරීමට නියම කෙරුණු බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරුවන් දෙදෙනා 58 හා 79 වියෙහි පසුවෙන්නන් බවත් පළමු වන සැකකරුගේ කොඳුනාරටියේ රෝගී තත්ත්වයක් පවතින බවත් දෙවන සැකකාර පුද්ගලයා ද වයෝවෘද්ධ තත්ත්වයේ පසුවන බවත් ඒ පිළිබඳ ව වෛද්‍ය වාර්තා ද සැලකිල්ලට ගනිමින් සුවිශේෂී කරුණු යටතේ ඔවුන් ඇප මත මුදා හරින ලෙස ජ්‍යේෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයට දැක්වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය ඔවුන්ට එසේ අප නියම කළා.

මෙම සිද්ධියට අදාළව මග නැගුම සමාගමේ තවත් සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් අතර ඒ පිළිබඳ ව අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා හා අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවන් සිව්දෙනා මග නැගුම ව්‍යාපෘතිය සඳහා යොදවා තිබූ යන්ත්‍ර සූත්‍ර ඇතුළු උපකරණ නීත්‍යානුකූල නොවන ආකාරයට කළුගල් කැඩීමේ ව්‍යාපෘතියක් සඳහා යොදවා ඇති බවත් ඉන් ලැබෙන ලාභය එම සැකකරුවන් අතර බෙදාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බව ද විමර්ශන නිලධාරීහු පෙර නඩු වාරයේ දී අධිකරණයට දැනුම් දී තිබුණා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවා බවට හඳුනාගෙන ඇති පුද්ගලයා මියගොස් ඇති බවට කරුණු හෙළි වී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නා.

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා 2012 සහ 2015 අතර කාලය තුළ දී රජයේ මුදල් සපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට අධාර අනුබල දෙමින් ව්‍යාපෘති සඳහා ව්‍යාජව මුදල් වෙන්කර ඇති බව ද මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2017 වර්ෂයේදී අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් පොදු දේපල පනතේ 386 (5) 1 වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූවා.

සැකකරුවන් වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ අජිත් පතිරණ හා නීතිඥවරියන් වන අචනී උමයංගනා ,මහේෂිකා කොස්වත්ත ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියා.

නඩුව ලබන ජුනි මාස 6 දින නැවත කැඳවීමට නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57