අම්මට වඳින ගාථාව අදින්නාදානා වේරමණී නේද..? – වීඩියෝ

‘අම්මා’ යන වදන අපේ හිත්වලට එක්කරන හැඟීම ලොව අන් කිසිම වචනයක නොවන, ජීවිතයට සමවදින වදනක් තවත් මේ ලොව හමුවන්නේ නැහැ.

අම්මාගේ ආදරය ගැන සෙනෙහස ගැන කෙතරම් ගුණ වැයුවත් පලක් නොවන්නේ අම්මාගේ ගුණක‍‍ඳ අන් සියල්ලටම වඩා උත්තරීතර මිනිස්කම හා බැඳුනු හැඟීම් සමුදායක් වීම නිසයි.

ලොව සෑම අම්මා කෙනෙකුම දරුවෙකු පිළිසිඳ ගත් මොහොතේ පටන් තම හුස්ම වාතලයට මුසුවන තෙක් දුක්, දහදිය කඳුළු වගුරවන්නේ දරුවාගේ ජීවිත සතුට වෙනුවෙන්.

ගෙදර බුදුන් අම්මා ලෙස විරුදාවලිය ලත් ඇය ගැන අපි අම්මාවරුන්ගේ දිනයදා අහලා බලන්න හිතුවා.

ගෙදරින් එළියට බැහැලා යද්දි අපි කරන්න යන වැඩේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම පතන අම්මාගේ ආශිර්වාදය ගන්න අපි කවුරුත් දෙමව්පියන්ගේ දෙපා වදිනවා.

ඒත් අද ගෙදරින් එළියට යද්දි අම්මට වැදලා යන්නේ කීයෙන් කී දෙනාද..?

අම්මාට වදින ගාථාව අපි ඉගෙන ගන්නේ පුංචිම අවධියේ. කවදාවත් ඒ ගාථාව අමතක වෙයිද..?

මේ හැමදේම හිතන්න ඔබටත් මොහොතකට අපි ඉඩ දෙන වීඩියෝවක් ඉදිරිපත් කරන්න හිතුවා…

මේ ඒ වීඩියෝවයි….

https://www.youtube.com/watch?v=oNbvuDBw70M&t=16s

වීඩියෝ අනුග්‍රහය – Hiru Gossip