පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීමට දින නියම කෙරේ – ඇප මුදල් භාරගැනීමත් අද සිට

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට දින නියම කර තිබෙනවා.

අද (03) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අදාළ නාමයෝජනා කැඳවීම මාර්තු 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා සිදු කරන බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනුම්දීම සඳහා පාර්ලිමේන්තුව පසුගිය 14 වැනිදා විශේෂයෙන් රැස්වුණා.

එහිදී කතානායක ජගත් වික්‍රමරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

කතානායකවරයා පාර්ලිමේන්තුවට අදාළ නිවේදනය දැනුම් දුන්නේ,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලද “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි.

ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතරය සමන්විත වන විනිසුරුවරුන් දෙදෙනකු විසින් තීන්දු කර තිබුණේ පනත් කෙටුම්පත සමස්තයක් ලෙස සහ විශේෂයෙන් කියවිය යුතු 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කිරීම අවශ්‍ය වන බවයි.

විනිසුරු මඩුල්ලේ ඉතිරි විනිසුරුවරයා තීන්දු කර තිබුණේ, මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.” යනුවෙන්.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබද දෙවන වර කියවීමේ විවාදය පසුගිය 17 වනදා පස්වරු 02 සිට රාත්‍රි 07 දක්වා පැවැත්වුණු අතර එහිදී එම කෙටුම්පත සම්මත වී කතානායකවරයාගේ අත්සන යෙදීමෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළා.

මෙකී ක්‍රියාවලියෙන් අනතුරුවයි මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමට දින නියම කෙරුණේ.

එමෙන්ම නාමයෝජනාවලින් පසුව ඇප මුදල් තැන්පත් කිරීමේ ක්‍රියාවලිය ද නිවේදනය කර තිබෙනවා.

මීට අදාළ වන සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්..

ඇප මුදල් තැන්පත් කිරීම අද (03) දින සිට එළඹෙන 19 වැනි දින මධ්‍යහ්න 12 දක්වා සිදු කෙරෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16