ඉන්ධන ඇනවුම් ලබාගැනීම සහ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අද (02) දිනයේත් සාමාන්‍ය පරිදි සිදුකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ්.ඒස් ද ඒස්. රාජකරුණා සඳහන් කරනවා.
ඉරිදා දිනයෙන්වල දී සාමාන්‍යයෙන් ඉන්ධන ඇනවුම් භාරගැනීම සහ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු තෙල් සංස්ථාව මඟින් සිදුනොකරන නමුත්; ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයත් සමඟ අද දිනයේ සාමාන්‍ය පරිදි එම කටයුතු සිදුකරන බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වමින් සභාපතිවරයා අද (02) පෙරවරුවේ සඳහන් කළේ.
මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ගනුදෙනු කරන තෙල් බෙදුම්කරුවන් සඳහා අනිද්දා (04) දිනයේ පෙරවරු 9.00ට සාකච්ඡාවක් සඳහා ඇරයුම්කර ඇති බවත් ඔහු මෙහිදී පැවසුවා.
එමෙන්ම රට තුළ කිසිඳු ආකාරයකි ඉන්ධන හිඟයක් ඇති නොවන බව සඳහන් කළ සභාපතිවරයා තවත් සති තුනකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත රට තුළ ගබඩාකරගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.
මේ අතර කඩාකප්පල්කාරී ලෙස ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඩපන කිරීමට කටයුතු කරනවා නම් රජය මැදිහත්ව ඉන්ධන බෙදාහැරීමට ද සූදානමින් සිටින බව සභාපතිවරයා අවධාරණය කළා.