අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට තවත් සැකකරුවන දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ඊයේ (28) නිවේදනය කළා.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උදාර නිර්මාල් ගුණරත්න නැමැති 28 හැවිරිදි වියේ පසුවන් අයෙක් සහ සෙනරත් දිසානායක නලින් දුෂ්‍යන්ත නැමැති 31 හැවිරිදි වියේ පසුවන අයෙක්.
මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (28) මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පැවසුවේ.
අපරාධය මෙහෙයවීම සඳහා සිම්පත් ලබා දී අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව මත මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව සැකකරුවන් 12 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් මෙම අපරාධයේ මහ මොළකාරිය බව කියන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.