ගනේමුල්ල සංජීව ඝාතනයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 12 දක්වා ඉහළට

අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට තවත් සැකකරුවන දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ඊයේ (28) නිවේදනය කළා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උදාර නිර්මාල් ගුණරත්න නැමැති 28 හැවිරිදි වියේ පසුවන් අයෙක් සහ සෙනරත් දිසානායක නලින් දුෂ්‍යන්ත නැමැති 31 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (28) මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පැවසුවේ.

අපරාධය මෙහෙයවීම සඳහා සිම්පත් ලබා දී අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව මත මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව සැකකරුවන් 12 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මෙම අපරාධයේ මහ මොළකාරිය බව කියන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17