හමුදා නිලධාරිනියන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමක් ගැන දයාසිරි හෙළිකරයි

මෙරට ආරක්ෂක අංශයේ නියුතු කාන්තාවන්ගේ සේවා කාලය දීර්ඝ කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (28) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.

මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ අදාළ ගැසට් නිවේදනය මගින් අවුරුදු 15ක් සේවය කළ යුතුව තිබූ සෙබළියන්ගේ සේවා කාලය තවත් අවුරුදු 07කින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවයි.

මෙලෙස සේවා කාලය දීර්ඝ කිරීම තුළින් එම හමුදා සෙබළියන්ට අසාධාරණයක් සිදුව ඇති බව ද ඔහු මෙහිදී අවධාරණය කළා.

“තමුන්නාන්සේලා අලුත් ගැසට් එකක් ගහලා තියෙනවා හමුදාවේ කාන්තාවන් මෙච්චරකල් වැඩ කරලා තියෙන්නේ අවුරුදු 15යි. අවුරුදු 15ක් වැඩ කළාම ඒ අය විශ්‍රාම ගියා. දැන් මොකද වෙලා තියෙන්නේ පිරිමි අවුරුදු 22ක් වැඩ කරන්න ඕනේ කාන්තාවන් අවුරුදු 15ක් තිබුණ එක දැන් 22ක් කරලා. එතකොට අවුරුදු 15 කින් විශ්‍රාම ගිය කාන්තාවෝ හමුදාවේ වැඩ කරලා දැන් තවත් අවුරුදු 7ක් අවුරුදු 55ක් පනිනකල් හමුදාවේ වැඩ කරන්න සිද්ධවෙලා තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?