ගනේමුල්ල සංජීවගේ මරණය ගැන අධිකරණයෙන් තීන්දුවක්

ගනේමුල්ල සංජීවගේ මරණය වෙඩිතැබීමක් හේතුවෙන් පපුවට, බෙල්ලට සහ උදරය ඇතුළු ප්‍රදේශයට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) තීන්දු කළා.

පුරා දින 02ක් තිස්සේ පැවැති මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේ දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මේ අතර ගනේමුල්ල සංජීව නමැත්තාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ, පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ නිරීක්ෂණ සහ කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය විසින් ඉදිරිපත්කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සලකා බලා තමන් මෙම තීරණයට එළැඹුණු බවයි.

මෙම පරීක්ෂණය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මියගිය සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීවගේ සහෝදරිය වන දිල්රුක්ෂි සමරරත්න නමැත්තිය සාක්ෂි ලබා දුන්නා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ දුන් සාක්ෂි දුන් සාක්ෂිකාරිය,

“සංජීව මගේ මල්ලි. මේ සිද්ධියට පෙර ඔහු හිටියේ බූස්ස බන්ධනාගාරයේ. සතියට දෙවතාවක් මම මල්ලි බලන්න බන්ධනාගාරයට යනවා. ඔහුට තිබෙන නඩු ගැන මට දැනීමක් නැහැ. පසුගිය 19 වැනිදා ඔහුව නඩුවක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ බව මා දැන සිටියේ නෑ. එදා පෙරවරු 10.30ක් 11.00 විතර මට කෝල් එකක් ආවා. මල්ලිට වෙඩි තියලා කියලා කිව්වා. ඒ එක්කම මම ලෝයර් ලක්ෂ්මන් පෙරේරාට කතා කළා. එයා කිව්වා වෙඩි තිබ්බා කියලා ආරංචි කියලා. පසුව උසාවියේ දී වෙඩි වැදුණු බව මම දැනගත්තා.
පසුගිය 20වනදා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගි වුණා. එහිදී මියගිය තැනැත්තා සංජීව කුමාර සමරත්න කියලා මම හඳුනාගත්තා. පසුව කෙසෙල්වත්ත පොලීසියට ප්‍රකාශයක් ලබා දුන්නා. පසුව මමයි අම්මයි මෘත දේහය බාරගත්තා”
යනුවෙන් සාක්ෂි දෙමින් සඳහන් කළාය.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණයට පත් වූ සංජීව කුමාර සමරත්න නමත්තාට වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් පැවැත්වීම අවශ්‍ය බව පෙන්වා දුන්නා.

විශේෂයෙන්ම ඔහුගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශනයක් සිදුකිරීම ද වැදගත් බවත් එම නීතිඥවරු පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මරණයට අදාළ හේතුව දැක්වෙන තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

ඉන් අනතුරුව ලියාපදිංචිය සඳහා මරණයට අදාළ සහතිකය නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

එමෙන්ම නඩුව යළි මාර්තු මස 07 වනදා කැඳවීමටද නියෝග කෙරුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජය වෙයි
03:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.24
08:45:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි - හඳ කම්පා කරන පුවත
01:00
Video thumbnail
රෑට එකතුවෙලා හොරකමේ යනවා වගේ වැඩක් මේ - වටගල හිනාවෙවී විපක්ෂයට හොඳට අමතයි
14:07
Video thumbnail
මෙයා තමයි සැබෑ මි##රුවා - ප්‍රසාද් සර් අධිකරණ ඇමතිගේ කෙරුවාව හෙළිකරයි
07:32
Video thumbnail
සසරේ කිසිම දිනයක මෙවන් කරදරයක් සිදුනොවේවා..
00:26
Video thumbnail
අර්චුනා අධිකරණ ඇමතිට අනතුරු අඟවයි - 2029යේ ඇවිත් මෙයාව අවු:20ක් හිරේ දානවා
03:43
Video thumbnail
කක්කුස් මාලි, ලැට් මාලිට කියන්න මම දන්න සිංහලෙන් කතා කරන්නේ
01:15
Video thumbnail
වෙලාව වැඩියෙනුත් අරන් දයාසිරි අධිකරණ ඇමතිට රිදෙන්න දෙයි - කිඹුලන්ට පාන් දෙන්න යැව්වා වගේ
19:06
Video thumbnail
කරදරයි අනේ.. කෑගහන්න එපා..
02:16