හෙට්ටිපොළ – මගුලාගම ප්රදේශයේ දී ඌරෙකුට තැබූ වෙඩිල්ලක් යැයි සැකකෙරෙන වෙඩි පහරක් දැරියකගේ වැදීමෙන් ඇය ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට සම්බන්ධව පලා ගොස් සිටි වෙඩික්කරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
හෙට්ටිපොළ පොලිසිය විසින් ඔහු ව අත්අඩංගුවට ගන්නා ලද බවයි වාර්තා වන්නේ.
මඟුලාගම ප්රදේශයේදී ඌරන් දඩයම් කිරීමට තබන ලද අපරික්ෂාකාරී වෙඩි තැබීමකින් මෙම දැරිය මරණයට පත්ව ඇති බව පොලීසිය ප්රකාශ කළා.
දැරිය වෙඩි තැබීම් සිදුවන අවස්ථාවේ දී සිය මිත්තණිය සමග මිදුලට පැමිණ තිබෙන අතර එහිදී ඔවුන් දෙදෙනාට ම වෙඩි වැදී තිබෙනවා.
වෙඩි වැදීමෙන් දැරිය රෝහල්ගත කළ ද මියගොස් ඇති බවයි වාර්තා වූයේ.
මිත්තණිය තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.
මෙම අපරාධය සම්බන්ධව සිදු කරන ලද විමර්ශනයට අනුව අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන මගුලාගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු සන්තකයේ තිබූ බෝර 12 පතොරම් ගිනි අවිය, එම තුවක්කුවට අදාළ 2025 වර්ෂයේ බලපත්රය හා හිස් පතොරම් කොපු 02ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.