වෙඩි වැදීමෙන් දැරියක් මියයාමේ සිද්ධියට පැන ගොස් සිටි වෙඩික්කරු අල්ලයි

හෙට්ටිපොළ – මගුලාගම ප්‍රදේශයේ දී ඌරෙකුට තැබූ වෙඩිල්ලක් යැයි සැකකෙරෙන වෙඩි පහරක් දැරියකගේ වැදීමෙන් ඇය ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට සම්බන්ධව පලා ගොස් සිටි වෙඩික්කරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

හෙට්ටිපොළ පොලිසිය විසින් ඔහු ව අත්අඩංගුවට ගන්නා ලද බවයි වාර්තා වන්නේ.

මඟුලාගම ප්‍රදේශයේදී ඌරන් දඩයම් කිරීමට තබන ලද අපරික්ෂාකාරී වෙඩි තැබීමකින් මෙම දැරිය මරණයට පත්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

දැරිය වෙඩි තැබීම් සිදුවන අවස්ථාවේ දී සිය මිත්තණිය සමග මිදුලට පැමිණ තිබෙන අතර එහිදී ඔවුන් දෙදෙනාට ම වෙඩි වැදී තිබෙනවා.

වෙඩි වැදීමෙන් දැරිය රෝහල්ගත කළ ද මියගොස් ඇති බවයි වාර්තා වූයේ.

මිත්තණිය තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධව සිදු කරන ලද විමර්ශනයට අනුව අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන මගුලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු සන්තකයේ තිබූ බෝර 12 පතොරම් ගිනි අවිය, එම තුවක්කුවට අදාළ 2025 වර්ෂයේ බලපත්‍රය හා හිස් පතොරම් කොපු 02ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39