‘OnmaxDT’ මූල්‍ය වංචාවෙන් අගතියට පත් පාර්ශ්වය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.
මෙම විරෝධතාව අද (27) පෙරවරුවේ සිට ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට සිදු වන බවයි වාර්තා වන්නේ.
අදාළ විරෝධතාව පැවැත්වීම සඳහා 150ක ආසන්න පිරිසක් පැමිණ තිබෙනවා.
OnmaxDT මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන ගයාන් වික්‍රමතිලක නම් පුද්ගලයෙකු ඩුබායි හි දී අත්අඩංගුවට ගෙන පසුගියදා (21) දිවයිනට ගෙන ආවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදු කරන බව කියන OnmaxDT පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් සැකකරුට එල්ල වී ඇති බවයි වාර්තා වූයේ.
මෙම නඩු කටයුත්ත තවමත් අධිකරණයේ විභාග වන පසුබිමකයි අගතියට පත් පාර්ශ්වය විරෝධතා පවත්වන්නේ.