AFC Banner
Empty Ad

ඉෂාරා සොයා මතුගම – රන්නගල පීරයි (වීඩියෝ)

ගනේමුල්ල සංජීව ඝාතනයට අනුබල දී ආධාර කිරීමේ චෝදනා ලබා ඇති ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ව සොයා පොලිස් විශේෂ කාර්‍යය බලකාය සහ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම් කිහිපයක් එක් ව මතුගම – රන්නගල ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මේ සඳහා පුහුණු නිල සුනඛයින් යොදා ගෙන ඇති බවයි.

පසුගිය 19 වැනි දින කොළඹ – අලුත්කඩේ අංක 05 දරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර සිටි ගනේමුල්ල සංජීව නමැත්තාව නීතිඥවරයෙකුගේ වෙස් ගත් අයෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

එම වෙඩික්කරුට කඩුවෙල ප්‍රදේශයේ දී වෙඩි තැබීම සඳහා අවශ්‍ය ගිනි අවිය ලබා දී ඇත්තේ මේ වනවිට අතුරුදන් ව සිටින කාන්තාව විසින් බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

අදාළ කාන්තාව මෙරටින් පලා ගොස් නොමැති බවත් ඇය මතුගම ප්‍රදේශයේ වෙස්වලාගෙන සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් වාර්තා වනවා.

ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් දැනුවත් වී සිටීමේ චෝදනා මත සැකකාරිණියගේ මව සහ සොහොයුරා ද රඳවා තබාගෙන ප්‍රශ්න කෙරෙමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?