මහා ශිව රාත්‍රිය වෙනුවෙන් පළාත් දෙකක ද්‍රවිඩ පාසල් වෙත නිවාඩුවක්

සබරගමුව පළාතේ සහ ඌව පළාතේ සියලු ම ද්‍රවිඩ පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

හෙට (26) දිනයේ දී යෙදී ඇති මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් මෙම විශේෂ නිවාඩු දිනය අනිද්දා (27) දිනයේ දී ලබා දීමටයි පළාත් අධ්‍යාපන ලේකම්වරුන් තීරණය කර ඇත්තේ.

අදාළ නිවාඩු දිනය වෙනුවෙන් එළැඹෙන මාර්තු මස 01 වන සෙනසුරාදා අතිරේක පාසල් දිනයක් අදාළ පාසල් වෙත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මීට පෙර උතුරු සහ නැගෙනහිර පළාත්වල දමිළ පාසල් සඳහා ද අනිද්දා නිවාඩු ලබාදීමට තීරණය කර තිබුණා.