ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියාවේ තානාපති ගුස්ටිනා ටොබින්ග් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) සිදුවුණා.
නව රජයට ඉන්දුනීසියානු රජයේ සුබ පැතුම් එක් කළ ඉන්දුනීසියාවේ තානාපති ගුස්ටිනා ටොබින්ග් දෙරට අතර වසර 70ක මිතුදම ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ හා ඉන්දුනීසියානු රජයන් සමකාලීන මැතිවරණ ජයග්‍රහණයක් ලබා නව රජයන් පිහිට වූ අතර, ශ්‍රී ලංකාවේ වත්මන් රජය ආරම්භ කර තිබෙන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සහයෝගය ලබාදෙන බවත් එවැනිම වැඩසටහනක් ඉන්දුනීසියාවේ ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් තානාපතිවරිය සඳහන් කළා.
ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර වර්ණීය වෙළෙඳ ගිවිසුම් සහ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා.
ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සමාජයීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කරගනිමින් දෙරටටම වාසි සහගත අයුරින්වෙළඳපොළ පුළුල් කර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුනා.