අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව අධිකරණය තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දිගේ මව සහ බාල සහෝදරයා අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 ක් වූ කටුවැල්ලේගම, මීගමුව ලිපිනයේ පදිංචි පිංපුර දේවගේ චමිදු තිවංක වීරසිංහ යන අය සහ එම ලිපිනයේම පදිංචි සේසත්පුර දේවගේ සමන්ති යන 48 හැවිරිදි කාන්තාවක්.
අපරාධයට ආධාර අනුබලදීමේ චෝදනාව මත මෙම සැකකාරිය සහ සැකකරු ඊයේ (24) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.