AFC Banner
Empty Ad

උමංදාවේ සැමරුණු උපන්දාවකට එකට ගිය හිටපු ජනපති දෙපොළ (ඡායාරූප)

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලන නායකයින් කුරුණෑගල – මැල්සිරිපුර පිහිටි උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය වැඳ පුදා ආශිර්වාද ලබා ගැනීමට ගොස් තිබෙනවා.

අද (24) පෙරවරුවේ මෙම සංචාරයට හිටපු ජනාධිපතිවරුන් සමග ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ද එක් ව සිටියා.

උමංදාව විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සමන්ත භද්‍ර හිමිපාණන්ගේ 50 වැනි ජන්ම දිනයට සමගාමී ව පැවති විශේෂ දානමය පිංකමකට එක්වීමටයි හිටපු රාජ්‍ය නායකයින් දෙපළ මෙලෙස එක් ව ඇත්තේ.

මෙම ජන්ම දින පිංකමට සමගාමීව අද දිනයේ 500 දෙනෙක් සඳහා ඇස් කණ්නාඩි ලබාදීම ද, මහා සංඝයා වහන්සේ විෂයෙහි ලා මහා දානයක් ද, පැමිණි සියලු දෙනාට දිවා ආහාරය ද ලබාදීමට කටයුතු සිදු කෙරුණා.

481188908 1051585347008242 6246053306765319769 n
480874173 1051586093674834 8162632492527721200 n
480709508 1051586547008122 1586489327730381105 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?