එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට සහන මල්ලක්

එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබා දීමට රජයේ අවධානය යොමු ව තිබෙනවා.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරු සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් තෙවන වරට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (24) රැස් වූ අවස්ථාවේ මේ පිළිබඳ අවධානය යොමු කෙරුණා.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර හිඟයකින් තොරව පවත්වා ගෙන යාමටත්, එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගැනීමටත් මෙහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

උත්සව සමයේදී අඩු ආදායම්ලාභී පවුල් සදහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබාදීමට මෙවර අයවැය මගින් රුපියල් බිලියනයක් වෙන් කර ඇති අතර එම ප්‍රතිපාදන නිසි පරිදි යෙදවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල උච්චාවචනය අවම මට්ටමක පවත්වාගෙන යාම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙනවා.

වී මිල දී ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, වී මිල දී ගැනීම සඳහා මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුම් යටතේ මිල දී ගන්නා වී ප්‍රමාණය පිළිබඳ පසුවිපරමක් සිදු කිරීමට ද සාකච්ඡා වුණා.

ඇතැම් වී මෝල් හිමියන් වී මිල දී ගැනීම සඳහා ලබා ගත් ණයවලින් වෙනත් කටයුතු සිදු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳ ව සොයා බැලීමට මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නා.

මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනෙකු වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 15කට අධික බැංකු ණය ලබා ගෙන ඇති බවට මෙහිදී තොරතුරු අනාවරණය වුණා.

එබැවින් රජය මෙවර වී මෙට්‍රික් ටොන් 250,000ක් මිල දී ගැනීමට අවශ්‍යව ඇති අතර, කුඩා වී මෝල් හිමියන්ද වී මිල දී ගැනීම සඳහා දිරිගැන්වීමට මෙහිදී අවධානය යොමු වූ අතර නැවත සහල් හිඟයක් ඇති නොවීමට වග බලා ගන්නා ලෙස ද නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි පැවසෙන්නේ.

පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබාදීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර මිල පාලනයක් ඇති කරමින් පාරිභෝගික හිතකර වෙළඳපොළක් ඇති කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරු සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජිකයෝ මීට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?