UPDATE : නල්ලතන්නිය රක්‍ෂිතයේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා සහාය (වීඩියෝ)

නල්ලතන්නිය සමනල කන්ද රක්ෂිතයේ හටගෙන ඇති ගින්න මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය හිමි ව තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ ගුවන් හමුදා අංක 4 බලඝණයට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්, ගිනි නිවීමට විශේෂයෙන් භාවිත කරනු ලබන ‘ බම්බි බකට්’ උපාංග සමගින් යොදවා ඇති බවයි.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව අද පස්වරුවේ අදාළ ගිනි නිවීම සඳහා මෙම යානාව යොදා ඇති අතර ගින්න හටගත් ස්ථානයට ආසන්නතම ජලාශය වන මාඋස්සාකැලේ ජලාශයෙන් බම්බි බකට් ආධාරයෙන් අවස්ථා 10ක දී ජල ප්‍රහාර ගින්න මතට හෙලමින් මෙම ගින්න මැඩපවත්වා ඇති බවයි වාර්තා වන්නේ.


නල්ලතන්නිය සමනල කන්ද ස්වාභාවික රක්ෂිතයේ පැතිර යන්න ගින්න පාලනය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිස්වල සහාය ද හිමිව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ නල්ලතන්නිය – ලක්ෂපාන, වාලමලෙයි වතුයායේ සමනල කන්ද රක්ෂිතයේ මෙම ගින්න ඊයේ (23) පස්වරුවේ හටගත් බවත් එය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන් එම ගින්න පාලනයට ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරීන්, හැටන් වනඅඩවි කාර්යාලයේ නිලධාරින්, නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් විශාල පිරිසක් යොදවා සිටින බවයි.

ගින්න පාලනය කිරිමට යුද හමුදා භට පිරිස් සහ ගිනි නිවීමේ කටයුතුවල නියැලී සිටින සෙසු පිරිස එක්ව රක්ෂිතය තුළ ගිනිපටි සකස් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

පැතිර යන ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාවේ සහාය ද ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු ව ඇති බවයි නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා පැවසුවේ.

රක්ෂිතයේ හටගෙන ඇති ගින්නෙන් අක්කර 10ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56