ගනේමුල්ල සංජීවගේ ඝාතකයාගෙන් විශේෂ අනාවරණයක්

අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරු පොලිසිය හමුවේ විශේෂ අනාවරණයක් සිදුකර තිබෙනවා.

මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයින් විසින් මෙම අපරාධය සඳහා තමන්ව සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ කරගත් බව වෙඩික්කරු පොලිසිය හමුවේ පවසා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ.

කෙසේ වෙතත් සැකකරුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය
ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු මිට පෙර පවසා තිබුණේ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද හා අවිශ්ක නම් අපරාධ කල්ලි සාමාජිකයන්ගේ උපදෙස් මත තමන් මෙම ඝාතනය සිදුකළ බවයි.

එම කොන්ත්‍රාත්තුව සඳහා රුපියල් කෝටි එක හමාරක මුදලක් තමන්ට ලබාදෙන බවට ඔවුන් පොරොන්දු වී සිටි බවත් වෙඩික්කරු හෙළිකර තිබුණා.

මේ අතර මෙම අපරාධයට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් තිදෙනෙක් එළඹෙන මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39