අතුරුදන් වූ දැරියක් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අංක 85, කන්දෙනුවර අල්වත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ඉඩම්ගෙදර තරුෂි චම්පිකා නමැති බාලවයස්කාර දැරිවියක් මෙලෙස අතුරුදන් ව ඇති බවයි.
ඇය අතුරුදන් බවට පොලිසියට ඇයගේ මිත්තණිය විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 06 වැනි දින කන්දෙනුවර පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.
නමුත් දෙමාසයකට අධික කාලයක් ගත වුව ද දැරිය පිළිබඳ ව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැහැ.
උසින් අඩි 05ක් පමණ වන තලෙළු කෙට්ටු සිරුරක් සහිත කොණ්ඩය දිගට වැවූ අයෙක් බවත් අවසන් වරට ක්‍රීම් පාට කොට කලිසමක් හා කළු පැහැති මල් සහිත සුදු පැහැ ටීෂර්ටයක් හැඳ සිට ඇති බවයි වාර්තා වන්නේ.
මෙම දැරිය පිළිබඳ ව යම් තොරතුරක් වෙතොත් 071-8592943 (කන්දෙනුවර ස්ථානාධිපතිවරයා) හෝ 066-3060954 (කන්දෙනුවර පොලිස් ස්ථානය ) වෙත දැනුම්දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටිනවා.