මාස දෙකකට අධික කාලයක සිට අතුරුදන් වූ දැරියක් සොයාගැනීමට මහජන සහාය පතයි

අතුරුදන් වූ දැරියක් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අංක 85, කන්දෙනුවර අල්වත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ඉඩම්ගෙදර තරුෂි චම්පිකා නමැති බාලවයස්කාර දැරිවියක් මෙලෙස අතුරුදන් ව ඇති බවයි.

ඇය අතුරුදන් බවට පොලිසියට ඇයගේ මිත්තණිය විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 06 වැනි දින කන්දෙනුවර පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

නමුත් දෙමාසයකට අධික කාලයක් ගත වුව ද දැරිය පිළිබඳ ව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැහැ.

උසින් අඩි 05ක් පමණ වන තලෙළු කෙට්ටු සිරුරක් සහිත කොණ්ඩය දිගට වැවූ අයෙක් බවත් අවසන් වරට ක්‍රීම් පාට කොට කලිසමක් හා කළු පැහැති මල් සහිත සුදු පැහැ ටීෂර්ටයක් හැඳ සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දැරිය පිළිබඳ ව යම් තොරතුරක් වෙතොත් 071-8592943 (කන්දෙනුවර ස්ථානාධිපතිවරයා) හෝ 066-3060954 (කන්දෙනුවර පොලිස් ස්ථානය ) වෙත දැනුම්දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..ආලෝකට ලැබෙන ගෞරවය?
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24