ගනේමුල්ල සංජීවගේ ඝාතනයේ සැකකාරිය සොයා මතුගම පීරයි

අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ ඝාතනයට සම්බන්ධ මේ වනවිට අතුරුදන්ව සිටින සැකකාරිය සොයා මතුගම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් දියත්කර තිබෙනවා.

ඒ, අදාළ සැකකාරිය මතුගම ප්‍රදේශයේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් මතයි.

අප වාර්තාකරු සඳහන් කළේ මතුගම සහ අවට ප්‍රදේශවල පොලිස් ආරක්ෂාව තර කිරීමට ද කටයුතු කර ඇති බවයි.

මතුගම නගරයේ සහ අවට තෝරාගත් ස්ථානවල මාර්ග බාධක යොදා ඇති ආකාරය ද දැකගත හැකි බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මෙම සැකකාරිය සොයා ඊයේ දිනයේ දී දෙහිවල ප්‍රදේශයේ දී මෙහෙයුමක් දියත්කර තිබෙනවා.

25 හැවිරිදි වියේ පසුවන ඉෂාරා සෙව්වන්දි නැමැති මෙම සැකකාරිය ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සඳහා අධිකරණය තුළට ගිනි අවිය රැගෙන විත් වෙඩික්කරුට එය භාර දී ඇති බවයි අනාවරණය වුණේ.

නීතිඥවරියක් ලෙස සැරසී අධිකරණයට පැමිණ සිටි ඇය ඝාතනය සිදුකරන අවස්ථාවේ දී අධිකරණ භූමිය තුළ රැඳී සිට වෙඩික්කරු සමඟ එම ස්ථානයෙන් පළායන ආකාරය ආරක්‍ෂිත කැමරාව ද සටහන් ව තිබුණා.

අපරාධය සිදුව පැය කිහිපයක් ගතවන විට වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වූ අතර, මෙම සැකකාරිය සොයාගැනීමට තවමත් හැකි වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00