AFC Banner
Empty Ad

ගනේමුල්ල සංජීවගේ ඝාතනයේ සැකකාරිය සොයා මතුගම පීරයි

අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ ඝාතනයට සම්බන්ධ මේ වනවිට අතුරුදන්ව සිටින සැකකාරිය සොයා මතුගම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් දියත්කර තිබෙනවා.

ඒ, අදාළ සැකකාරිය මතුගම ප්‍රදේශයේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් මතයි.

අප වාර්තාකරු සඳහන් කළේ මතුගම සහ අවට ප්‍රදේශවල පොලිස් ආරක්ෂාව තර කිරීමට ද කටයුතු කර ඇති බවයි.

මතුගම නගරයේ සහ අවට තෝරාගත් ස්ථානවල මාර්ග බාධක යොදා ඇති ආකාරය ද දැකගත හැකි බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මෙම සැකකාරිය සොයා ඊයේ දිනයේ දී දෙහිවල ප්‍රදේශයේ දී මෙහෙයුමක් දියත්කර තිබෙනවා.

25 හැවිරිදි වියේ පසුවන ඉෂාරා සෙව්වන්දි නැමැති මෙම සැකකාරිය ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සඳහා අධිකරණය තුළට ගිනි අවිය රැගෙන විත් වෙඩික්කරුට එය භාර දී ඇති බවයි අනාවරණය වුණේ.

නීතිඥවරියක් ලෙස සැරසී අධිකරණයට පැමිණ සිටි ඇය ඝාතනය සිදුකරන අවස්ථාවේ දී අධිකරණ භූමිය තුළ රැඳී සිට වෙඩික්කරු සමඟ එම ස්ථානයෙන් පළායන ආකාරය ආරක්‍ෂිත කැමරාව ද සටහන් ව තිබුණා.

අපරාධය සිදුව පැය කිහිපයක් ගතවන විට වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වූ අතර, මෙම සැකකාරිය සොයාගැනීමට තවමත් හැකි වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?