AFC Banner
Empty Ad

කොටහේන ඝාතනයට ගිනි අවිය සැපයූ පාතාලයා අල්ලයි

කොටහේන පොලිස් වසමේ දී පසුගිය 21 වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ තවත් සක්කරුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් ඊයේ (23) දහවල් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28ක් වන මෝදර, මෙත්සඳ සෙවණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී, මොහු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මෙරට අපරාධ ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන පුද්ගලයෙකු බවයි හෙළිව ඇත්තේ.

සැකකරු විසින් කොටහේන වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු කොළඹ කොටුව ප්‍රදේශයේ සිට ඔහුගේ ත්‍රීරෝද රථයෙන් කොස්ගස්හන්දිය ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසට කැඳවාගෙන විත් අපරාධය සඳහා ගිනි අවිය හා පතොරොම් ලබා දී ඇති බවට අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම මෙම සැකකරු විසින් 2025.02.10 වන දින කොටහේන පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සඳහා ද ගිනි අවිය ලබාදුන් පුද්ගලයා බවට ද අනාවරණය වී තිබෙනවා.

ඉදිරි විමර්ශන සඳහා සැකකරු කොටහේන පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?