සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වෙඩික්කරුගේ පෙම්වතිය මුදාහැර තිබෙනවා.
ඇයගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, ඇය සමඟ අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි තීරණය කර ඇත්තේ.
වයස අවුරුදු 23ක් වන එම කාන්තාව කපුගෙදර ගිම්හානි තරුෂිකා දෙව්මිණි නමැති මහරගම, පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.
ඇය පන්නිපිටිය, 174 මාර්ගයේ සම්බාහන මධ්‍යස්ථානයක සිටිය දී මහරගම පොලිසිය විසින් අත්අඩංගුව ගත්තේ පසුගිය 21 වනදායි.
අත්අඩංගුවට ගැනුණු එම කාන්තාව සහ අනෙක් පුද්ගලයා අනතුරුව භාරදෙනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාසයටයි.
ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු මෙම කාන්තාව ද රැගෙන රටින් පිටවීමට සූදානම්ව සිට ඇති බවයි අනාවරණය වුණේ.