කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කළ ඝාතන සිද්ධියට තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ඝාතනය සඳහා යොදා ගත් ගිනිඅවිය සන්තකයේ තබා ගෙන අපරාධයට පෙර දින වෙඩික්කරුවට ලැබීමට සැලැස්වීම සම්බන්ධව ගම්පහ මල්වත්ත පාර, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි දමිදු ලක්ෂාන් නම් 22 හැවිරිදි අයෙක් අත්අඩංගුවට පත් තිදෙනා අතර වනවා.
ඊට අමතරව අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සෙසු සැකකාරිය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කර අපරාධයකට ආධාර අනුබල දුන් බවට දමිත් අංජන නයනජිත් නම් 25 හැවිරිදි අයෙක් සහ චමෝද් ගිම්හාන නම් 19 හැවිරිදි අයෙකු ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව මේ දක්වා සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.