ගනේමුල්ල සංජීවගේ ඝාතනයට පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවේ

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට මේ වනවිට සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඝාතනය සිදුකළ වෙඩික්කරු සහ තවත් සැකකරුවන් සිව්දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව වෙඩික්කරුවන පියුමංග කඳනාරච්චි නැමැත්තා වෑන් රථයකින් පළායන අවස්ථාවේ දී වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු 44 හැවිරිදි මහේෂ් සම්පත් ප්‍රියදර්ශන නැමැත්තා සහ වෙඩික්කරු සමඟ පැමිණි කාන්තාව සමඟ සමීප සබඳතා පැවැත්වූ පොලිස් 26 හැවිරිදි කොස්තාපල් ළහිරු ප්‍රසන්න ඇතුගල නැමැත්තා ද ඒ අතර වනවා.

ඊට අමතරව වෙඩිකරුට අවි ආයුධ ලබාදුන් සහ ඔහුව අපරාධය සඳහා මෝටර් රථයකින් අලුත්කඩේ අධිකරණය අසළට ගෙනැවිත් ඇරලූ ජනක උදය කුමාර නැමැති 43 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා ද අත්අඩංගුවට පත් සැකරුවන් අතර වනවා.

එමෙන්ම වෙඩික්කරු පළායාමට යොදාගත් වෑන් රථය සන්තකයේ තබාගෙන සිටි 37 හැවිරිදි හසිත රොෂාන් නැමැති අතුරුගිරිය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් ද අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස්දෙනා අතර වනවා.

ඒ, අනුව මෙම අපරාධයට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?