ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ස්ථානීය පරීක්ෂාවකට ගෙන යයි

අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ස්ථානීය පරීක්ෂාවක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් සිද්ධිය වූ ස්ථානය වෙත අද (20) රැගෙන ගියා.

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය වෙත දැනුම්දුන්නා.

වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු වූ සමීර දිල්ශාන් පියුමංග කඳනාරච්චි හෙවත් කොමාන්ඩෝ සමිඳු නමැති පුද්ගලයා මුහුදු මාර්ගයෙන් පලායාමට සැලසුම් කර සිටියදී පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්ඩංගුවට ගනු ලැබුවා.

පුහුණු කුලී වෙඩික්කරුවෙකු ලෙස අපරාධ රැසකට සම්බන්ධ වූ සමීර දිල්ශාන් හෙවත් කමාන්ඩෝ සමිඳු අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (19) රාත්‍රියේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදෙනු ලැබූ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මහරගම – දඹහේන පාරේ ලිපිනයක පදිංචි මෙම සැකකරු පිළිබඳ තවත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

සමීර දිල්ෂාන් හෙවත් කොමාන්ඩෝ සමිඳු නමැති මෙම වෙඩික්කරුට ගනේමුල්ලේ සංජීව ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියෙකු වන ඩුබායිහි සැඟව සිටින කෙසෙල්බද්දර පද්මේ නමැත්තා විසින් බවටයි පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඒ රුපියල් කෝටි එක හමාරක මුදලකටයි.

එම මුදලින් වෙඩික්කරුට මෙතෙක් ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක් පමණක් බව ද විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සිදුකළ මෙම පුද්ගලයා සහ ඔහුට සහාය දුන් බව පැවසෙන කාන්තාව අධිකරණ භූමිය වෙත පැමිණ ඇත්තේ කොළඹ ප්‍රදේශයේ හෝටලයක සිටයි.

වෙඩිතැබීමෙන් පසු දෙදෙනා මරදාන වෙත ගොස් එතැන් සිට ත්‍රිරෝද රථයකින් මීගමුව බලා ගොස් ඇති අතර මීගමුවේ සිට සැකකරු පමණක් වෑන් රථයකින් පුත්තලම දෙසට පලා ගොස් තිබෙනවා.

එලෙස පලා ගිය සැකකරු පුත්තලම පාලවියේ දී අත්ඩංගුවට පත්වන විට ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලබා දී ඇත්තේ ව්‍යාජ ලෙස සැකසූ නීතිඥ හැදුනුම්පතයි.

එය පරීක්ෂණ නොමග යැවීමේ අරමුණින් ඉදිරිපත් කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

සැකකරු පලා යාමට භාවිත කළ වෑන් රථයේ රියැදුරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මොරගහහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඒ පුද්ගලයා ද කෙසෙල්බද්දර පද්මේ නමැත්තා විසින් මෙහෙයවා ඇති බව පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32