AFC Banner
Empty Ad
Empty Ad

සුවය ලබන කොරෝනා රෝගීන්ට ආසාදනය වන තවත් මාරාන්තික රෝගයක් ගැන හෙළිදරව්වක්

කොරෝනා වසංගතයේ දෙවන රැල්ලෙන් දැඩි පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ සුව වූ සහ සුවය ලබමින් සිටින කොරෝනා රෝගීන් අතරත් දුර්ලභ මාරාන්තික කළු පුස් රෝගය පැතිර යන බව වාර්තා වනවා.

කණ, නාසය සහ උගුර ආශ්‍රිතව පැතිරෙන මෙම කළු පුස් ආසාදනය ඇස් සහ මොලය දක්වාම පැතිර යා හැකි බවයි අනාවරණ වී ඇත්තේ.

මෙහිදී ඇතැම් විට අන්ධභාවයද ඇතිවිය හැකියි. මෙලෙස කොරෝනා ආසාදිතව සිට කළු පුස් රෝගයට ගොදුරු වූ 25 හැවිරිදි කාන්තාවකගේ දිවි ගලවා ගැනීම සඳහා ඇයගේ ඇසක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සිදුකළ බව මුම්බායි නුවර වෛද්‍යවරයෙකු ප්‍රකාශ කළා.

මෙලෙස කොරෝනා ආසාදිත රෝගීන් අතර පැතිරෙන මියුකෝ මයිකොසිස් නැමැති දිලීරය පසේ, ශාඛවල මෙන්ම නරක්වන එළවළු සහ පළතුරුවලද දැකිය හැකි වූවත්, නීරෝගී පුද්ගලයින්ට ආසාදනය වන්නේ කලාතුරකින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?