වියළි කාලගුණයත් සමඟ ජල සම්පාදනයෙන් දැනුම්දීමක්

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අඛණ්ඩ ජල සැපයුමට බාධා ඇති වී තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරන්නේ උදෑසන සහ සවස් කාලයේ ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුමට බාධා ඇති විය හැකි බවයි.

ඊට අමතරව අනෙකුත් ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

වියළි කාලගුණය හේතුවෙන් ජල පරිභෝජනය වැඩිවීම මෙම බාධාවන්ට හේතු වන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

මෙම කාලය තුළ ජලය අරපිරිමැස්මෙන් හා වගකීමෙන් යුතුව භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වත්මන් අභියෝග තිබියදීත්, සැලසුම් කළ ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට තවමත් තීරණය කර නොමැත් බවයි එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් පූර්වාරක්ෂාවක් ලෙස ජලය ගබඩා කර තබාගන්නා ලෙසට මහජනතාවට උපදෙස් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26
Video thumbnail
විපක්ෂයේ සෙට් එක පාරට බැහැලා මොරටුවම දෙවනත් කරයි..ගේම් එපා..වැඩ බැරිනම් ගෙදර යන්න
03:03
Video thumbnail
කාලගුණයේ නොසිතූ වෙනසක්..බොහෝ ප්‍රදේශවලට තද වැසි
03:47
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10