AFC Banner
AFC Banner
Empty Ad

යෝෂිත සහ ඩේසි අච්චිට අධිචෝදනා ගොනු කෙරේ

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොර්ස්ට් වික්‍රමසිංහ යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

කොළඹ මහාධිකරණය හමුවේ මෙම අධිචෝදනා ගොනුකර ඇති බවයි වාර්තා වුණේ.

2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් වත්ත උයන සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ අත්පත් කරගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

මෙසේ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම අධි චෝදනාව පත්‍ර ගොනු කරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් ජනවාරි 25 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න විසින් ජනවාරි 27 වනදා ඇප මත මුදාහරින ලෙස නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?