ලොකු අම්මා සමග ආරවුලක් ඇති කරගෙන සාමය කඩවන අයුරින් කටයුතු කළේ යැයි කියන සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් හා ඔහුගේ මව ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද (13) නියෝග කළා.
වරෙන්තු ලබා සිටි සැකකාර මව වන සුජීවා නිර්මලී කලංසූරිය වැල්ලම්පිටිය පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඩෑන් ප්‍රියසාද් සැකකරු ගල්ගමුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ වැල්ලම්පිටිය පොලිසිය සඳහන් කර සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 81 වගන්තියේ ප්‍රකාරව සාමය කඩවන අයුරුන් කටයුතු කිරීමට එරෙහිව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
ඩෑන්ගේ ලොකු අම්මා කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව ද සැකකරුවන් දෙදෙනාම වරෙන්තු ලබා සිටි බව ද පොලිසිය පැවසුවා.
කරුණක් සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්න ලෙසට නියෝග කළා.
විමර්ශන ප්‍රගතිය අගෝස්තු 28 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරුණා.
ඩෑන් ප්‍රියසාද් සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණීමේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී පොලීසිය විසින් පසුගිය උදෑසන (11) අත්අඩංගුවට ගෙන වෙනත් නඩුවක් සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.