ප්‍රංශයේ තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැරිසියේ පැවති AI ක්‍රියාකාරී සමුළුවට ඊයේ (11) සහභාගී වුණා.
කෘත්‍රීම බුද්ධිය පාලනය මෙන්ම ආර්ථිකය, ආරක්ෂාව සහ සමාජය කෘත්‍රිම බුද්ධිය මගින් නැවත සකස් කරන ආකාරය පිළිබඳ මෝදි සිය දේශනයේ දී අවධානය යොමු කළා.
කෘත්‍රීම බුද්ධියේ ආගමනය හේතුවෙන් රැකියා අහිමිවීම් සම්බන්ධ ගැටළු පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා අවධානය යොමු කළ අතර, තාක්‍ෂණය රැකියා ඉවත් නොකරන බවත්, ඒවා පරිවර්තනය කරන බවත්, එම ක්‍රියාවලිය තුළ නව අවස්ථා නිර්මාණය කරන බවත් පැවසුවා.
ලෝකය “AI (කෘත්‍රීම බුද්ධි) යුගයේ” උදාවේ පවතින බව පවසමින්, අගමැති නරේන්ද්‍ර මෝදි AI සඳහා හවුල් වටිනාකම් ආරක්ෂා කරන, අවදානම් ආමන්ත්‍රණය කරන, විශ්වාසය ගොඩනඟන සහ සියල්ලන්ට, විශේෂයෙන් ගෝලීය දකුණට ප්‍රවේශය සහතික කරන ගෝලීය රාමුවක් පිහිටුවීමට සාමූහික උත්සාහයකට කැපවන ලෙස ද සිය දේශනයේ දී ඉල්ලා සිටියා.