ඊයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1914ක් සහ මරණ 19ක්

තවත් කොරෝනා ආසාදිතයින් 1914 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වූ අතර, මෙරටින් කොරෝනා මරණ 19ක් ද ඊයේ (07) වාර්තා වුණා.

ඊයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 1,914 දෙනා සමඟ මෙරටින් මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන දැක්වෙන්නේ එක්ලක්ෂ විසි එක් දහස් 338 ක් ලෙසටයි.

ඊයේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් 25 දෙනෙකු විදේශ ගතව සිට පැමිණි පුද්ගලයන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,830 ක් වනවා.

රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයින් 878 දෙනෙකු ඊයේ සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා.

ඒ සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ එක්ලක්ෂ 1,763 ලෙස යි.

එසේම, ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 19 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 764 ක් ලෙස දැක්වෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ රත්මලාන, සුනන්දපුර, ඉලවාලෛ, කෝන්ගහවෙල, දෙහිඅත්තකණ්ඩිය, බදුල්ල, වාද්දුව, කොළඹ 03, රද්දොලුගම, රාගම, පෝද්දල, අලපලාදෙණිය, පෝද්දල, අඟුලුගහ, හික්කඩුව, නුවරඑලිය, අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරයේ සිටි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඉන් 15 දෙනෙකුම කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් වයස අවුරුදු 45 ත්, 86 ත් අතර වයස්වල පසුවනවා.

එමෙන්ම, ඊයේ දිනය තුළ මුව ආවරණ නොපැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 617 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසය සුව කිරීම සම්බන්ධව කිසිදු පර්යේෂණාත්මක තහවුරු කිරීමකින් තොර ඖෂධ වට්ටෝරු භාවිත කිරීම සඳහා මහජනතාව පොළඹවන හා නොමඟ යවන ප්‍රකාශ සිදුකරන තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවයි ආයුර්වේද වෛද්‍ය සභාවද ඊයේ නිවේදනය කළේ.

මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම කටුගහහේන ප්‍රාදේශීය රෝහල, කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නව ඇඳන් 100කින් සමන්විතව සති 02 ක් තුළ මෙම නව කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ රෝහල ආරම්භ කිරීමටයි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන උපදෙස් ලබා දී ඇත්තේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27