AFC Banner
AFC Banner
Empty Ad

වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිදුවීම් 13ක් – 09ක් මරුට

ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ රට තුළ වෙඩි තැබීමේ සිද්ධින් 13ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග පවසනවා.

අද (11) පෙරවරුවේ කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

මෙම වෙඩි තැබීමේ සිදුවීම්වලින් 07ක් සංවිධානාත්මක අපරාධකරුවන් සිදුකර ඇති බවයි ඔහු පැවසුවේ.

අනකුත් වෙඩි තැබීමේ සිදුවීම් 06 පුද්ගලිකව ඇති වූ ආරවුල් මත සිදුවූවන් බවයි.

මේ අතර සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් නවදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයින් 25 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ටී-56 වර්ගයේ ගිනිඅවි 03ක්, පිස්තෝල ගිනිඅවි 05ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වසරේ මේ දක්වා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධීන්වල ආසන්නතම සිදුවීම ඊයේ (10) කොටගෙන ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?