පොලිස් සේවයේ සිටියදී මත්ද්‍රව්‍ය ගත් 17 දෙනෙකු සේවයෙන් ඉවත් කළා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිස් සේවය තුළ සිටියදී නීතිවිරෝධී මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ යැයි තහවුරු වූ පොලිස් නිලධාරීන් 17 දෙනෙකුගේ සම්පූර්ණයෙන් ම සේවයෙන් ඉවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසනවා.

අද (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඉහත කී නිලධාරීන්ගේ සේවය අත්හිටුටීමක් නොව මුළුමනින්ම ඔවුන්ව සේවයෙන් ඉවත් කිරීමට පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිදු කර ඇති බවයි.

එම පොලිස් නිලධාරීන් 17 දෙනා ම රාජකාරිවලින් ඉවත් කර, සේවයෙන් පහකර ඇත්තේ ශ්‍රී ලංකා පොලිස් සේවයට අපකීර්තියක් ගෙන දෙන්නවුන් සේ සලකා බවත් සියලු දෙනාගේ වෛද්‍ය වාර්තා තහවුරු කරගැනීමෙන් අනතුරුව මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මේ වනවිටත් පොලිස්පතිවරයාගේ උපදෙස් මත තවත් පොලිස් නිලධාරීන් පිරිසක් වෛද්‍ය පරීක්ෂණ වෙත භාජනය කර ඇති බවත් වෛද්‍ය වාර්තා ඔවුන් මත්ද්‍රව්‍යය ගන්නා බවට තහවුරු වුවහොත් සේවයෙන් ඉවත් කිරීමක් සිදු කරන බව ද ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

ඉහත පොලිස් නිලධාරීන් 17 දෙනා ම පසුගිය සිව්මසක කාලයක් තුළ මත්ද්‍රව්‍ය චෝදනා මත ඉවත් කර තිබෙනවා.

එමෙන්ම එවැනි චෝදනා ලැබූ පොලිස් නිලධාරීන්ගේ නාම ලේඛනයක් ද සකස් කර ඇති බවයි බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?