තම පාසලේ විද්‍යා විෂය උගන්වන ගුරුවරයා සමග ප්‍රේම සම්බන්ධයක් තිබූ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් එම ගුරුවරයා විසින් දූෂණය කරනු ලැබීමේ සිද්ධියකට මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පෙරේදා (09) පස්වරුවේ කප්පාගොඩ – මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි වින්දිත පාර්ශ්වයේ මව විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර ගුරුවරයා ව අත්අඩංගුවට ගත් බවයි.
දැරියට කෙතරම් අදාළ ප්‍රේම සබඳතාව නතර කරන ලෙසට ගෙදරින් තරවටු කළ ද, ඇය මුරණ්ඩුව කටයුතු කරන බවත් පවුලේ උදවිය පොලිසියට පවසා තිබෙනවා.
දැරිය මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර සැකකාර විද්‍යා විෂය ගුරුවරයා අද (11) දින මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.