AFC Banner
AFC Banner
Empty Ad

පොලිස් ලොක්කන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ලබන 12 වනදා සිට ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම ලබා දී තිබෙනවා.

ඒ, අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන ලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

එමෙන්ම නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ, බස්නාහිර පළාත (රථ වාහන) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට බස්නාහිර (උතුර) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුවීම් ලබා දී ඇති බවයි න්වර්ත වුණේ.

ඊට අමතරව නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.පී. දයාරත්න රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට මූල්‍ය අපරාධ විමර්ශන දිසාවේ රාජකාරි ඉටු කිරීම සඳහා මාරුවීම් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර වැඩබලන පොලිස්පතිවරයා විසින් විශේෂ රාජකාරි පදනම යටතේ 2025.02.12 වන දින සිට නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න, නියෝජ්‍ය පොලිස්පති කෑගල්ල දිසාවට අමතරව රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා ද පත්කර තිබෙනවා.

1 3

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?