දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමට හේතුව පද්ධතියේ හටගත් අසමතුලිතතාවක් බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.
පානදුර විදුලි උප පොළේ ඇති වූ හදිසි තත්ත්වයක් මෙම අසමතුලිතතාවය හේතු වී ඇති බවයි වාර්තා වුණේ.
එම දෝෂය කඩිනමින් නිවැරදි කිරීමට කටයුතු කරමින් පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
Update – Sunday, February 9, 2025, 12.13 PM
දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කරනවා.
මෙය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
Update – Sunday, February 9, 2025, 11.45AM
දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳ වැටීමක් වාර්තා වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.