මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් දුන් තීන්දුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සඳහන් කළා.
අද (07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.
ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ඉදිරි දිනක පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට සූදානම් බවයි.
මේ අතර මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දියණිය විසින් ලියූ ලිපියක් ද තමන් වෙත ලැබුණු බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1