AFC Banner
AFC Banner
Empty Ad

ස්විට්සර්ලන්ත තානාපතිනිය සහ කතානායකවරයා අතර හමුවක්

ස්විට්සර්ලන්ත තානාපතිනිය සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර හමුවක් සිදුව තිබෙනවා.

පසුගිය 30 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම හමුව සිදුවූ බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය අද (07) දැනුම් දුන්නේ.

විවිධ අංශවලින් ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳව මෙහිදී කතානායකවරයා සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

සංවර්ධනය, දූෂණ විරෝධී පියවරයන්, සංහිඳියාව සහ පාර්ලිමේන්තු සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ.

ස්විට්සර්ලන්ත තානාපතිනිය විසින් දෙරට අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ අතර, ඉදිරි කාලය තුළදී ද ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය දැක්වීමට ස්විට්සර්ලන්තය අපේක්ෂා කරන බව අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?